
පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද දිනයේදී තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලු ප්‍රාදේශීය කාර්යාලවලට එය අදාළ වන බවයි.
එක්දින හා සාමාන්‍ය සේවා යන අංශ දෙකටම එය බලපැවැත්වෙන අතර මෙම දෝෂය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පෙරේදා රාත්‍රියේද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, ඊයේ පෙරවරුව වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබුණා.
මේ අතර කිසියම් පිරිසක් අද පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටෙ විරෝධතාවයකද නිරත වුණා.

COMMENTS