
සුලු සහ පවුල් ව්‍යාපාර ලක්ෂ 04 ක් ස්ථාපිත කිරීමට ස්කොට් මොරිසන් රජය තීරණය කර තිබෙනවා.
ලබන 21 වනදා මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් ඉදිරි වසර 05 තුළදී මෙම ව්‍යාපාර බිහි කිරීමට සහය දක්වන බවටයි ලිබරල් සන්ධානය සහතික වන්නේ.
මෙහිදී බලශක්තිය ඉතිරි කරගැනීම වෙනුවෙන් පමණක් ආයෝජනය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 18 කට ආසන්නයි.

අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ රැකියා උත්පාදනය බවයි.
පසුගිය මාස 12 දී පමණක් සුලු හා පවුල් ව්‍යාපාර ලක්ෂයක් පමණ නිර්මාණය වී ඇති බවයි ලිබරල් සන්ධානය පවසන්නේ.

COMMENTS