මෙල්බන් ස්ථාන 02 ක වෙඩි තැබීමකින් හා තියුණු ආයුධ ප්‍රහාරයකින් 03 ක් මරුට

අද පෙරවරුවේ මෙල්බන් නගරයේ ස්ථාන 02 ක සිදුවූ වෙඩි තැබීමකින් හා තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබෙනවා.

Brunswick හිදී අලුයම 05.20 ට පමණ සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලා.

ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

සිද්ධියට අදාළව කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර Mickleham හිදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිකරගෙන නොමැති අතර වික්ටෝරියා පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

https://www.9news.com.au/national/brunswick-victoria-police-investigate-deaths-of-two-men/6cebc2bc-a908-4855-af5b-6c0cea2758ae

https://www.9news.com.au/national/victoria-police-investigate-death-of-man-in-melbourne-suburb-of-mickleham/8db9af9f-0671-441a-ba56-3cfb64c2c45f

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »