කඩාවැටෙන බැංකුවක් ගැන රනිල්ගෙන් ඉගියක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් කඩාවැටීමට නියමිතව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදාළ බැංකුව කඩා වැටීමත් සමග එහි තැන්පතු කරුවන් මෙන්ම රජයේ පාර්ශවයන්ටද විශාල පාඩුවක් සිදු වනු ඇති බවත් එය ගොඩ ගැනීමට මෙවන් අවස්ථාවක් ඇති හැකියාව ගැනත් සොයා බලන්නැයිද ඔහු ඉල්ලා සිටියා.

මෙම අර්බුදකාරි අවස්ථාවේ රටේ ආර්ථිකය කඩා වැටීමත් සමග බැංකු පද්ධතිය ද බිඳ වැටීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කලා.

කිසිදු බැංකුවක් කඩාවැටීමට ඉඩ නොතබන්නැයිද හිටපු අග්‍රාමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටියා.

ඔහු මෙම අදහස් පළකලේ ඊයේ පාර්ලිමේන්තුව අමතමිනුයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »