අනුරගේ ෆයිල් එකට එරෙහිව යෝෂිතත් නඩු දමයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අනුරගේ ෆයිල් එකට එරෙහිව යෝෂිතත් නඩු දමයි

අනුරගේ ෆයිල් එකට එරෙහිව යෝෂිතත් නඩු දමයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනා සියල්ල අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය අවධාරණය කරනවා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් සිදුකර ඇත්තේ ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ සමාජගත කිරීමක් බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනූව යෝෂිත රාජපක්ෂ ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීම සදහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

COMMENTS