තීරණාත්මක නඩුවකින් ක්වන්ටාස් යළි පරදී

බාහිර සේවකයන් 2000 ක් පමණ බඳවා ගැනීම නීති විරෝධී බවට ෆෙඩරල් අධිකරණයක් දුන් තීන්දුව අභියෝගයට ලක්කල අභියාචනයෙන් ක්වන්ටාස් ගුවන් සමාගම පරාජයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් අද ලැබුණු තීන්දුව මහාධිකරණය හමුවේ නැවතත් අභියෝගයට ලක් කරන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

කිසියම් අයුරකින් එහිදීද පරාජයට පත්වීමට සිදුවීමට වුවහොත් අදාළ සේවකයන්ට වන්දි ගෙවීමටත් අධිකරණයට දඩ ගෙවීමටත් ක්වන්ටාස් ගුවන් සේවයට සිදුවනවා.

2020 වසරේ අගෝස්තු මාසයේදී ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ 10 ක භූමි මෙහෙයුම් කටයුතු (ground handling) බාහිර සමාගමකට (outsourcing) පිරිනමන බවයි.

එහි ප්‍රථිඵලයක් ලෙස ක්වන්ටාස් සේවකයන් 1683 දෙනෙකුට රැකියා අහිමිවී තිබූණා.

මෙය පාදක කරගෙනයි ක්වන්ටාස් සමාගමට එරෙහිව වෘත්තීය සමිති විසින් නඩු පවරනු ලැබුවේ.

baggage-handling සහ පිරිසිදු කිරීම් සේවකයන් පිරිසකටයි මෙලෙස රැකියා අහිමිවී තිබුණේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »