සිය රජය යටතේ ජීවන වියදම ඉහළයාම පාලනයට අගමැති ස්කොට් මොරිසන්ට කිසිදු සැළසුමක් නොමැති බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
සෑම දෙයකටම නිදහසට කාරණයක් ඉදිරිපත් කිරීම හැර අගමැතිවරයා එක් ප්‍රතිපත්තියක සිට කටයුතු නොකරන බවයි ඇඩිලේඩ් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා චෝදනා කලේ.
පසුගිය වසර 10 පුරාවට සාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදුකර නොමැති බවත් ජීවන වියදම දිනෙන් දින වැඩිවීම පමණක් සිදුවූ බවත් ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
කිසියම් දෙයක් සාර්ථක වූ විටක පමණක් එහි ගෞරවය අගමැතිවරයා විසින් ලබාගන්නා බවටත් අත්වැරදිම් සියල්ල අන් අය මත පටවන බවටත් විපක්ෂ නායකවරයා දෝෂාරෝපණය කරනවා.