අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන කොරෝනා නීති වෙනස්කම් මෙසේය​.

අද මධ්යම රාත්රියේ සිට වික්ටෝරියා ප්රාන්තයේ සිදුවන කොරෝනා නීති වෙනස්කම් මෙසේය​.
Here are the coronavirus restriction changes taking place in Victoria from midnight today.
2020 සැප්තැම්බර් 13 වෙනිදා පස්වරු 11.59 දක්වා කලාපීය වික්ටෝරියාව සඳහා අදියර 3 (Stage 3) සීමාවල් එලෙසම ක්රියාත්මක වෙයි.
මෙල්බර්න් අගනගරය (metropolitan) සඳහා අදියර 4 සීමාකිරීම් 2020 සැප්තැම්බර් 13 වෙනි දින පස්වරු 11.59 දක්වා ක්රියාත්මක වෙමින් තිබේ.
කලාපීය වික්ටෝරියාවේ 2020 සැප්තැම්බර් 13 වෙනිදා පස්වරු 11.59 ට දෙවෙනි පියවර ආරම්භ වෙයි.
ඔබට නිවෙසින් පිටවිය හැක්කේ කරුණු හතරකට පමණයි.
ආහාර සහ අනෙකුත් අවශ්ය දේවල් මිලදී ගැනීමට වෙළඳපොළට යාමට
ව්යායාම (එළිමහනේ සහ සීමාසහිත)
අවසර ලැබූ රැකියාවන්ට
රැකවරණය ලබාදීම, සානුකම්පිත හේතුවකට හෝ වෛද්ය ප්රතිකාර ලබාගැනීමට
ව්යායාම කිරීමට සහ අවශ්ය දේවල් මිලදී ගැනීමට වෙළඳපොළට යාම සඳහා, ඔබ නිවසෙහි සිට කිලෝමීටර් 5 ක් ඇතුලත සිටිය යුතුයි.
මේ අවස්ථාවේ සිට:
ඇඳිරි නීතිය පස්වරු 9 සිට පෙරවරු 5 දක්වා
ඔබට දිනකට පැය දෙකක් ව්යායාම කිරීම සඳහා නිවෙසින් පිටතට යාමට හැකිය
පුද්ගලයින් දෙදෙනෙකුට හෝ එකම නිවසක නිවැසියන්ට එළිමහනේදී පැය දෙකක් දක්වා හමුවීමට හැකිය.
ඔබ තනිවම ජීවත් වෙයිනම්, හෝ ඔබ තනි දෙමව්පියෙක් නම් සහ ඔබ සමග ජීවත්වන දරුවන් සියල්ල වයස 18 ට අඩු නම්, ඔබේ නිවෙසට පැමිණිය හැකි වෙනත් එක් පුද්ගලයෙකු තෝරා ගැනීමට හැකිවේ. එම පුද්ගලයා හැම විටම එකම පුද්ගලයා විය යුතුයි. එසේම ඔබට එම පුද්ගලයාගේ නිවෙසට යාමට හැකිය, එම අවස්ථාවේ සිටින එකම වැඩිහිටියා එම පුද්ගලයා පමණක් නම්.
ක්රීඩා පිටි නැවත විවෘතයි.
දෙවෙනි අදියර: 2020 සැප්තැම්බර් 28 දින සිට – මෙල්බර්න් අගනගරය තුල පසුගිය දින 14 පුරා, දිනකට අලුතෙන් රෝගය සෑදුන පුද්ගලයින් ප්රමාණය 30-50 අතර නම් සහ සෞඛ්ය විශේෂඥයන්ගේ උපදෙස් මත.
කාරණා හතරකට පමණක් ඔබේ නිවෙසින් පිටවිය හැක:
ආහාර සහ අනෙකුත් අවශ්ය දේවල් මිලදී ගැනීමට වෙළඳපොළට යාමට
ව්යායාම (එළිමහනේ සහ සීමාසහිත)
අවසර ලැබූ රැකියාවන්ට
රැකවරණය ලබාදීමට, සානුකම්පිත හේතුවකට හෝ වෛද්ය ප්රතිකාර ලබාගැනීමට
ව්යායාම කිරීමට සහ අවශ්ය දේවල් මිලදී ගැනීමට වෙළඳපොළට යාම සඳහා, ඔබ නිවසෙහි සිට කිලෝමීටර් 5 ක් ඇතුලත සිටිය යුතුයි.
මේ අවස්ථාවේ සිට:
නිවෙස් දෙකක පුද්ගලයින් පස්දෙනෙකු දක්වා එළිමහනේදී මුණගැසිය හැක.
පළමු වසරේ සිට 2 ශ්රේණිය දක්වාත්, VCE/VCAL සහ විශේෂ පාසැල් සිසුන් පාසැලට පැමිණීම 4 වෙනි වාරයේදී අදියර වශයෙන් සිදුවේ.
ළමා රැකවරණ ස්ථාන නැවත විවෘතයි.
බොහෝ වැඩකරන ස්ථාන විවෘත කලහැක.
එළිමහන් පිහිනුම් තටාක නැවත විවෘතයි, එක පුහුණුකරුවෙකුට පුද්ගලයින් දෙදෙනෙකු සඳහා පුද්ගලික පුහුණුවීම් ලබාදීමට හැකියි.
එළිමහනේදී එක් ආගමික නායකයෙකුට සහ පුද්ගලයින් පස් දෙනෙකු දක්වා ආගමික කටයුතු සඳහා එකතුවීමට අවසර දී ඇත.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »