
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථීක සහ සමාජ අස්ථාවරභාවය සංචාරකයින්ගේ පැමිණීමේ සීඝ්‍ර අඩු වීමක් සටහන් වනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පණවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණා.
කෙසේවෙතත් අප්‍රේල් මාසය තුළ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වනුයේ 62,980 ක් ලෙසයි.

එය මාර්තු මාසයේ පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව වන 106,500 ට සාපේක්ෂව 40% ක තරම් විශාල අඩු වීම ක්.
සමස්තයක් ලෙස 2022 මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 348,314 ක් ලෙසයි වාර්තා වන්නේ.
