පොළී අනුපාත ඉහළ යාමෙන් නිවාස වෙළඳපොළට බලපෑමක්

First home buyers

නිල පොළී අනුපාත ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව ගත් තීරණය නිවාස වෙළඳපොළට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පොළී අනුපාත ඉහළ යාම හමුවේ නිවාස මිල පහත වැටීමට ඉඩ ඇති නමුත් නිවාස ණය ආපසු ගෙවීමේදී ගැණුම්කරුගේ හැකියාව විමසා බැලෙන තක්සේරු අනුපාතය තරමක් ඉහළ යනු ඇති.

එනම් පොළී අනුපාත ඉහල යාමට පෙර ලබාගත හැකිව තිබූ ණය මුදල ඇතැම්විට අඩුවීමේ අවධානමක් පවතිනවා.

කෙසේවෙතත්, පොලී අනුපාතික වැඩි කිරීමේ යහපත් ලක්ෂණයක් වනුයේ බැංකුවේ ඇති මුදල් ඉතුරුම් සඳහා පෙරට සාපේක්ෂව වැඩි පොලියක් ලැබීමයි.

2010 නොවැම්බර් මාසයේ සිට ඉහළ නොදැමුණු ඔස්ටේ්‍රලියාවේ නිල පොලී අනුපාතිකය 0.25% කින් ඉහළ දැමීමට මධ්‍යම බැංකුව ඊයේ තීරණය කලා.

ඉහළ යන උද්ධමනය ඊට හේතුවු අතර මෙම තත්වය ලබන වසරේ මැද භාගය දක්වා පවතිනු ඇතැයි අනාවැකි පළවනවා.

මෙම වසර අවසන් වන විට එය 1.5% ක් දක්වා වැඩිවී ලබන වසරේ මැද භාගය වන විට 2% ක් පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

https://www.9news.com.au/national/australia-interest-rates-rba-increases-cash-rate-for-first-time-in-over-11-years/7cc3e30e-f04d-49a8-895e-c5aa10c2d630

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »