වික්ටෝරියා අයවැය පාර්ලිමේන්තුවට – නව සෞඛ්‍ය රැකියා 7,000 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා අයවැය පාර්ලිමේන්තුවට – නව සෞඛ්‍ය රැකියා 7,000 ක්

වික්ටෝරියා අයවැය පාර්ලිමේන්තුවට – නව සෞඛ්‍ය රැකියා 7,000 ක්

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ 2022-23 වසර සඳහා වන අයවැය ලේඛණය අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට අදාළ යෝජනා රැසකින් එය සමන්විත වීම විශේෂත්වයක්.

රෝහල් – හෙදියන් – වෙනත් අතුරු සේවා සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් වෙන් කිරිම් මෙන්ම පාසල් පද්ධතිය නගා සිටුවීමට අදාළ යෝජනාද ඊට අයත්.

වික්ටෝරියා ගිලන් රථ සේවය සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 333 ක්.

ගිලන් රථ ප්‍රමාදය හමුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ප්‍රාන්තයේ පුද්ගලයන් 12 දෙනෙකු මියගිය බවටයි චෝදනා එල්ල වූයේ.

ඒ අනුව 000 ගිලන් රථ සේවයට අලුතින් සේවකයන් 400 දෙනෙකු බඳවා ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

අලුතින් රෝහල් ඉදි කිරීමට සහ පවතින රෝහල් වැඩි දියුණු කිරීමට අද වෙන් කල මුදල ඩොලර් බිලියන 2.9 ක්.

2025 වසර වනවිට අලුතින් සෞඛ්‍ය සේවකයන් 7000 ක් බඳවා ගැනෙන අතර ඉන් 5000 ක්ම හෙදියන් වීම විශේෂත්වයක්.

නිවසේ සිට ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අදාළ සත්කාරක සේවා වැඩිදියුණු කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය අද වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 698 ක් වන අතර රෝගීන් 15,000 කට ඉන් සේවා සැපයෙනු ඇති.

COMMENTS