ආර්ථික පීඩා ගැන අගමැති මොරිසන් කථා කරයි

ආර්ථික අර්බුද හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ට පීඩා එල්ල වී ඇතැයි තමන් පිළිගන්නා බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

දෙවන ලෝක යුධ සමය සහ වසර කිහිපයකට පෙර පැවති දරුණු අවපාතයෙන් පසු වැඩිම පීඩා එල්ලවී ඇති කාල වකවානුව වත්මන් සමය බවයි ඔහු කියාසිටියේ.

කොවිඩ් වසංගත තත්වය – යුක්රේන අර්බුදය සහ ගෝලීය ආහාර අර්බුදය මීට ප්‍රධාන හේතුව වූ බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ.

කෙසේවෙතත් ලොව වෙනත් දියුණු රටවල් හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියා ආර්ථිකය බිඳ නොවැටී පවත්වා ගෙන යාමට ලිබරල් සන්ධානයට හැකිවු බවත් ස්කොට් මොරිසන් කියාසිටියා.

විරැකියා අනුපාතය සියයට 4 ක් වැනි අවම අගයක පවත්වාගෙන යාම ඊට එක් උදාහරණයක් බව අගමැතිවරයා පෙන්වා දුන්නා.

ලබන 21 වනදා මැතිවරණයෙන් තමාට නැවතත් ජනවරමක් ලදහොත් විදුලි ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කිරීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කලා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »