වික්ටෝරියා අයවැය අද – හෙදියන්ට වැඩි ඉඩක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා අයවැය අද – හෙදියන්ට වැඩි ඉඩක්

වික්ටෝරියා අයවැය අද – හෙදියන්ට වැඩි ඉඩක්

2022-23 වසර සඳහා වන වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කර ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

වැඩි වශයෙන් හෙදියන් බඳවා ගැනීමට එහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇති.

2026 වසර වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව පාසල් 100 ක් ඉදි කිරීමේ යෝජනාවක්ද අද අයවැය ලේඛණයට ඇතුළත්.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම නිවසකටම බලශක්ති වියදම් කපා හැරීම සඳහා ඩොලර් 250 ක මුදලක් ලබාදීමේ යෝජනාවක්ද අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඉදිරිපත් කිරිීමට නියමිතයි.

COMMENTS