කුලසේකරත් ඔස්ටේ්‍රලියාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර කෙටි කලකට ඕස්ට්‍රේලියාවට යාමට සූදානම්වන බව වාර්තා වනවා.

නුවන් කුලසේකර ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවකු ලෙස ප්‍රාන්ත තරග සඳහා කටයුතු කිරීමට සූදානම් වන බවයි ඔහුගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී දැනගන්නට ලැබුනේ.

තමාට මේ ලද අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් බවත් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය සඳහා අඛණ්ඩව සහභාගිවීමට මෙම පුහුණුව සහ නිරන්තරයෙන් ක්‍රීඩාව සමඟ රැඳී සිටීම අතිශයින් ප්‍රයෝජනවත් වන බවත් ඔහු කියා සිටියා.

නුවන් කුලසේකර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වනවා.

ICC ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ අංක 1 ස්ථානයේ වැජඹුණු එකම ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා වන්නේ ද නුවන් කුලසේකරයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »