Engineers Australia විසින් නොමිලේ හා වේගවත් කුසලතා ඇගයීම් ලබා දීම අරඹයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Engineers Australia විසින් නොමිලේ හා වේගවත් කුසලතා ඇගයීම් ලබා දීම අරඹයි

Engineers Australia විසින් නොමිලේ හා වේගවත් කුසලතා ඇගයීම් ලබා දීම අරඹයි

Engineers Australia ආයතනය විසින් සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට නොමිලේ හා වේගවත් හෙවත් කුසලතා ඇගයීම් (skills assessments) ලබා දීම ආරම්භ කර තිබෙනවා.

පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය විසඳීම සඳහා මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කර ඇති දිරිගැන්වීමේ වැඩසටහනේ කොටසක් ලෙස ලබන වසරේ ජූනි 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වනු ඇති.

2019 ජනවාරි පළමුවනදා සිට family, partner, refugee හෝ humanitarian වීසා බලපත්‍රයක් ලබා දැනට ඔස්ටේ්‍රලියාව තුළ ජීවත් වන අයදුම්කරුවන් මේ සඳහා සුදුසුකම් ලබනවා.

ප්‍රමුඛතා රැකියාවක සුදුසුකම් හෝ පුහුණුව තිබේ නම් හෝ වෙනත් තක්සේරු කිරීමේ අධිකාරියකින් විධිමත් කුසලතා ඇගයීමක් තවමත් කර නොමැති අයදුම්කරුවන්ද ඊට සුදුසුකම් ලබන බවයි Engineers Australia ආයතනය සඳහන් කලේ.

එම ප්‍රමුඛතා රැකියා පහත පරිදියි.

Civil engineers
Structural engineers
Transport engineers
Electrical engineers
Geotechnical engineers
Mechanical engineers
Mining engineers
Petroleum engineers

ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ කුසලතා පිළිබඳ සාමාන්‍ය ඇගයීමකට සති 16 සිට 18 දක්වා ගත විය හැකි බව ආයතනය පවසනවා.

එහෙත් ලබන වසරේ ජූනි 30 දක්වා ක්‍රියාත්මක වන මෙම නොමිලේ ඇගයීම් ලබාදීම රාජකාරී දින 15ක් ඇතුළත සිදුවනවා.

SOURCE : SBS

COMMENTS