
රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු හා සම්බන්ධ ඔස්ටේ්‍රලියානු ආයතනයක් මෙරට සිදුකල මූල්‍ය වංචාවක් පිළිබඳ ABC මාධ්‍ය ආයතනය අද සුවිශේෂී අනාවරණයක් සිදුකලා.
ඔස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර ස්ථාපිත Aspen Medical ආයතනය ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන්නේ හම්බන්තොට රෝහල ඉදිකිරීම සඳහා වන ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් හරහායි.
2012 වසරේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කල එම ව්‍යාපෘතියට අදාළ පළමු ගණුදෙනුව මෙම ආයතනය විසින් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි ස්ථාපිත කරන ලද සමාගමක් හරහා වීම ශ්‍රී ලංකා පොලිසියේද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

හම්බන්තොට රෝහල ඉදි කිරීම හා සම්බන්ධ දැවැන්ත මූල්‍ය වංචාවකට ද සම්බන්ධ බව කියන Aspen Medical ආයතනය ඔස්ටේ්‍රලියාව තුළ සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල සැපයීම සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් ABC මාධ්‍ය ආයතනය අද රාත්‍රියේ ගවේෂණාත්මක වාර්තාවක් පළ කලේය.
සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ හිටපු ලිබරල් සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේද මැදිහත්වීම යටතේ බවයි ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතන ඒකාබද්ධව සිදුකර ඇති ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ.

අදාළ ආයතනයට මෙම කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරව බවට මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.
2018 – 2019 කාලයේදී අඛණ්ඩව ඩොලර් මිලියන 07 කට වැඩි පාඩුවක් ලද මෙම ආයතනය හදිසියේම ඩොලර් මිලියන 420 ක ලාභයක් උපයාතිබීමද ප්‍රශ්න සහගත බව ABC මාධ්‍ය ආයතන ගවේෂණාත්මක වාර්තාවක සඳහන්.
Video : https://fb.watch/cLrp97aGSP/
Disclaimer : ඉහත කී වාර්තාවේ අන්තර්ගතය මුලුමනින්ම පදනම් වී ඇත්තේ ABC ආයතනය විසින් අද පළකල ගවේෂණාත්මක වාර්තාව මත පදනම්ව වන අතර අදාළ තොරතුරු – මූලාශ්‍ර හෝ වෙනත් එවැනි සාධක පිළිබඳ වගකීම Ausලංකා TV විසින් නොදරයි.
COMMENTS