
බටහිර ඔස්ට්‍රේලියාව අද සිට සමීප ආශ්‍රිතයින් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ 10ක් ලබා දීමට නියමිතය.
මෙම මධ්‍යස්ථාන වලින් නොමිලේ එම rapid antigen පරීක්ෂණ කට්ටල ලබා ගත හැකිය.
mRNA එන්නත් මාත්‍රා දෙකක් අතර පරතරය සති අටක් දක්වා වැඩි කළ යුතු බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) නිර්දේශ කර ඇත.

Pfizer සඳහා පෙර නිර්දේශය සති තුනේ සිට හය දක්වා වූ අතර Moderna සඳහා එය සති හතරක් හෝ හයක් විය.
“දිගු මාත්‍රා විරාමයක් මගින් myocarditis සහ pericarditis ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකියි. මෙම අතුරු ආබාධයේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් සඳහා (වයස අවුරුදු 40 ට අඩු අය) දිගු මාත්‍රා පරතරය විශේෂයෙන් නිර්දේශ කෙරෙනවා.” යනුවෙන් ATAGI පවසයි.

ප්‍රෝටීන් පදනම් කරගත් Novavax එන්නතෙහි ප්‍රාථමික මාත්‍රා දෙකක් අතර පරතරය සති අටක් දක්වා (අවම වශයෙන් සති තුනක සිට) දීර්ඝ කිරීමටද ATAGI නිර්දේශ කර ඇත.
COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයින් ඔවුන්ගේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙර කොවිඩ් සුවවී මාස තුනක් බලා සිටින ලෙස ඔවුන් තවදුරටත් නිර්දේශ කළේය.
SOURCE : SBS