2020 න් පසු පළමුවරට කාර්තුවකදී මෙල්බන් – සිඩ්නි දේපළ මිළ පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

2020 න් පසු පළමුවරට කාර්තුවකදී මෙල්බන් – සිඩ්නි දේපළ මිළ පහළට

2020 න් පසු පළමුවරට කාර්තුවකදී මෙල්බන් – සිඩ්නි දේපළ මිළ පහළට

2020 වසරේදී කොවිඩ් වසංගතය ඇතිවීමෙන් පසු පළමු වරට කාර්තුවකදී මෙල්බන් සහ සිඩ්නි යන නගර දෙකෙහිම දේපළ මිළ ගණන් පහළ ගොස් තිබෙනවා.

පසුගිය මාස 03 දී සිඩ්නි නගරයේ දේපළක සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ 11 ක් ලෙස පැවති අතර එය සියයට 0.5 ක පහළ යාමක්.

මෙල්බන් නගරයේ දේපළක් සියයට 0.1 කින් අඩුවී ඇති අතර එහි සාමාන්‍ය අගය සටහන් වන්නේ ඩොලර් 806,144 ක් ලෙසයි.

බ්‍රිස්බන් – ඇඩිලේඩ් සහ පර්ත් යන නගර වල මෙම කාලසීමාවේදී දේපළ මිළ ඉහළයාමකුයි දක්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් පසුගිය මාස 12 සැළකීමේදි සිඩ්නි නගරයේ දේපළ මිළ සියයට 14.7 කින්ද – මෙල්බන් නගරයේ සියයට 8.4 කින්ද ඉහළ යාමක් සටහන් වනවා.

https://www.9news.com.au/national/australia-property-prices-in-sydney-and-melbourne-record-first-quarterly-fall/73549c4c-88c3-42a9-aa11-f1e58b5440ce

COMMENTS