වික්ටෝරියා සෑම නිවසකටම $ 250 ක දීමනාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා සෑම නිවසකටම $ 250 ක දීමනාවක්

වික්ටෝරියා සෑම නිවසකටම $ 250 ක දීමනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම නිවසකටම එක් වරක් පමණක් ගෙවනු ලබන ඩොලර් 250 ක දීමනාවක් පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඉහළ යන ජිවන වියදමට සමගාමීව වැඩිවන බලශක්ති ගාස්තු සඳහා සහනයක් ලෙස එය හඳුන්වාදෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

මේ සඳහා ප්‍රාන්ත රජයට දැරීමට සිදුවන වියදම ඩොලර් මිලියන 250 කට ආසන්නයි.

ඉදිරි ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර අගමැතිවරයා විසින් හෙට ප්‍රකාශයට පත් කරන අයවැය ලේඛනයටද මෙම යෝජනාව අන්තර්ගතයි.

මෙම ඩොලර් 250 දීමනාවත් සමග මෙම වසරේදී වික්ටෝරියානුවන්ට ඩොලර් 600 කට ආසන්න සමස්ත සහනයක් සළසා ඇති බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

COMMENTS