රටවල් 60 කට වැඩි පුරවැසියන් වෙනුවෙන් නවසීලන්ත දේශ සීමා ඇරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

රටවල් 60 කට වැඩි පුරවැසියන් වෙනුවෙන් නවසීලන්ත දේශ සීමා ඇරේ

රටවල් 60 කට වැඩි පුරවැසියන් වෙනුවෙන් නවසීලන්ත දේශ සීමා ඇරේ

රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක පුරවැසියන් වෙනුවෙන් වසර 02 කට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශ සීමා අද සිට විවෘත කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තයට පැමිණීමට වීසා අවශ්‍ය නොවන රටවල පූර්ණ එන්නත්කරණයට ලක්වූ සහ කොවිඩ් පරීක්ෂණයේදී සෘණාත්මක වන පුද්ගලයන්ට අද සිට නිරෝධායනයකින් තොරව නවසීලන්තයට පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.

කෙසේවෙතත් මෙම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව අයත් වන්නේ නැහැ.

නවසීලන්තය පසුගිය මාසයේදී ඔස්ටේ්‍රලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් වෙනුවෙන්ද සිය දේශ සීමා විවෘත කරනු ලැබුවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ නවසීලන්තය විසින් පළමු වරට සිය දේශ සීමා වසා දමනු ලැබුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.

https://www.bbc.com/news/world-asia-61294988

COMMENTS