ලිබරල් රජයකින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් සෞඛ්‍ය වරප්‍රසාද

ඔස්ටේ්‍රලියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 50,000 කට පමණ අමතර සෞඛ්‍ය සේවා ආරක්ෂණ පහසුකම් සැපයීමට අගමැති ස්කොට් මොරිසන් සහතික වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණයෙන් තමා නැවතත් බලයට පත්වුවහොත් තනි පුද්ගලයෙකු සඳහා ගෙවනු ලබන සෞඛ්‍ය දීමනාවේ උපරිමය දැනට පවතින ඩොලර් 57,761 සිට ඩොලර් 90,000 දක්වා ඉහළ දැමෙනු ඇති.

යුවළක් සඳහා නම් දැනට පවතින ඩොලර් 92,416 සිට 144,000 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

ඊට අමතරව ඕනෑම වරප්‍රසාද කාඩ්පතක් සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන සෞඛ්‍ය ඇතුලු සියලු පහසුකම් ඉහළ නංවන බවටත් අගමැති මොරිසන් සහතික වනවා.

වසර 20 කට පමණ පසු මෙවැනි ඉහළම වරප්‍රසාදයක් ලබාදෙන පළමු රජය වත්මන් ලිබරල් රජය බවයි ඔහු අවධාරණය කරන්නේ.

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »