තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ක්වන්ටාස් ගුවන් ගමන් – AusLanka TV – Australian News for the Sri Lankan community

තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ක්වන්ටාස් ගුවන් ගමන්

තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ක්වන්ටාස් ගුවන් ගමන්

තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 වසර වනවිට සිඩ්නි සිට නිව්යෝර්ක් සහ ලන්ඩන් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

ඒ සඳහා A350 වර්ගයේ ගුවන් යානා 12 ක් ඔවුන් විසින් ඇණවුම් කර ඇති බවද සඳහන්.

දැනට මෙම ගමනාන්ත සඳහා වැය වන කාලය අඩු කර ගැනීමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ.

ඒ අනුව සිඩ්නි – නිව්යෝර්ක් ගුවන් ගමන පැය 18 කට අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි ක්වන්ටාස් සමාගම සඳහන් කලේ.

COMMENTS