මා කොළඹ මහානාම විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිලිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේ එම වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනයේ විශිෂ්ඨතම සිසුවාට ලැබෙන රන් පදක්කමද දිනා ගනිමින්. එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන අතර තුර,  ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට මට අවස්ථාව උදා උනා.

පාසල් සමයේදී විෂය බාහිර කටයුතු ගණනාවක් සිදු කරමින් මා එක් කරගත් අත්දැකීම් බොහොමයි. ජනමාධ්‍ය ඒකකය, කථික හා විවාද සංගමය තුල සභාපති වශයෙන් මෙන්ම මහානාම විවාද කණ්ඩායම් නායකයා ලෙසත්, පාසලේ ප්‍රධාන නිවේදකයා ලෙසත් වසර ගණනක් කටයුතු කළා.  සමස්ත ලංකා අන්තර් පාඨශාලීය කථික තරඟ සහ නිවේදන තරඟ විස්සකට අධික ප්‍රමාණයක පළමු ස්ථාන දිනාගන්නටත්, මහානාම විවාද වෙනුවෙන් සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ශුරතා අනුශුරතා විස්සකට අධික ප්‍රමාණයක් දිනා දෙන්නටත් මා දායක උනා. ළමා නිවේදකයෙක් ලෙස ස්වර්ණවාහිනී ආයතයේ ජැක්සන් ඇන්තනී මහතා යටතේ කටයුතු කල වසර හතරකට ආසන්න කාලය තවත් අපූරු මතකයක්. ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්,  කලා සංගමය, විද්‍යා සංගමය, බෞද්ධ සංගමය ආදියේදීද මුලික තනතුරු ලබමින් මා කටයුතු කළා. මහානාමය අදත් සෙනෙහසින් මට ආශීර්වාද කරන බව මා  විශ්වාස කරනවා.

කොළඹ සරසවිය හරි අපූරු තැනක්. සරසවියේ ප්‍රධාන උත්සව ගණනාවකම ප්‍රධාන නිවේදකයා වශයෙන් මා මගේ දායකත්වය ලබා දුන්නා. සමස්ත ලංකා විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වූ ‘කවිතා’ තරගාවලියේ නිවේදන අංශයේ තුන්වන ස්ථානය කොළඹ සරසවියට  දිනා දෙන්නට මා සමත් උනා. මේ කාලයේදී තරුණ සේවා සභාවත් තරුණ කටයුතු අමාත්‍යංශයත් එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ නැගී එන තරුණ නායකයා’ තරඟය ජය ගැනීම මගේ ගමනට වෙනත් මාවතක් විවර කළා. පසුව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙසත්, ලෝක තරුණ සමුළුව නියෝජනය කළ ශ්‍රී ලංකා නියෝජිතයෙක් වීමටත් මට අවස්ථාව උදා උනා.

ආයෙත් මාගේ සුපුරුදු ඇබ්බැහි වීමට, මයික්‍රෆෝනයට, මට අවස්ථාවක් ලැබිලා.  AUS ලංකා TV ඔස්සේ අපි ළගදීම හමුවෙමු. මම හර්ෂ පෙරේරා…

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »