සයිබර් ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට තාක්ෂණික සමාගම් වෙත මාස 12 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

සයිබර් ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට තාක්ෂණික සමාගම් වෙත මාස 12 ක්

සයිබර් ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට තාක්ෂණික සමාගම් වෙත මාස 12 ක්

සයිබර් ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම සඳහා තාක්ෂණික සමාගම් වෙත මාස 12 ක කාලයක් ලබාදෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

විශේෂයෙන් බාලවයස්කරුවන්ට අන්තර්ජාලය ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කිරීම ලිබරල් සන්ධානයේ අරමුණ බව අගමැතිවරයා කියාසිටියා.

අද සිඩ්නි නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්කොට් මොරිසන් සඳහන් කලේ අන්තර්ජාලයේ අනිසි භාවිතය හේතුවෙන් බාලවයස්කරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ලවිය හැකි බවයි.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වශයෙන් තමා එය හොඳින් වටහාගෙන ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කලා.

කොවිඩ් වසංගතයත් සමග නිවෙස් තුළ රැඳී සිටින කාලය වැඩිවීම හමුවේ අන්තර්ජාල අපරාධවලට ගොදුරුවීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබුණා.

COMMENTS