සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රු කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රු කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවයි

සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රු කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවයි

සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා තිබෙනවා.

ඒ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේ දී හෙළි වූ කරුණු මතයි.

ෂිවින්දර් සිං සහ මල්වින්දර් සිං යන අය වෙතින් ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට චෝදනා එල්ල වී ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

ජැක්ලින් ෆර්නැන්ඩස්, සුකේෂ් චන්ද්‍රසේකර්ගේ බිරිඳ වූ ලීනා පෝල් හරහා චන්ද්‍රසේකර් දැන සිටි බවට මූල්‍ය බුද්ධි ඒකකය විසින් හෙළි කරගෙන ඇති අතර, එහිදී අනාවරණ වූ තොරතුරු මතයි ජැක්ලින් ෆර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුව අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ.

අදාළ මුදල්වලින් කොටසක් ජැක්ලීන් නමට තැන්පත් කර ඇති බවට විමර්ශකයන් සැක පළ කරනවා.

COMMENTS