ඔස්ටේ්‍රලියාව තුළ විද්‍යුත් වාහන අලෙවිය 03 ගුණයකින් වැඩිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ විද්‍යුත් වාහන අලෙවිය 03 ගුණයකින් වැඩිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ විද්‍යුත් වාහන අලෙවිය 03 ගුණයකින් වැඩිවෙයි

ඉන්ධන මිළ ගණන් ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

2020 වසරේදී මෙරටදී අලෙවි වී තිබුණේ විද්‍යුත් වාහන 6900 ක් පමණයි.

එහෙත් පසුගිය වසරේදී එය 20,665 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාර්යක්ෂමතාවය ඉහළ අගයක පැවතීම – ඉන්ධන අවශ්‍ය නොවීම සහ පරිසර හානිය ඉතා අවම වීම යන සාධක මතයි බොහෝ පිරිසක් විද්‍යුත් වාහන සඳහා නැඹුරු වී ඇත්තේ.

විනාඩි 20 කින් මෝටර් රථය ආරෝපණය කල හැකි ස්ථාන 291 ක්ද සාමාන්‍ය ආරෝපණ මධ්‍යස්ථාන 1580 ක්ද මේ වනවිට ඔස්ටේ්‍රලියාව පුරා පිහිටුවා තිබෙනවා.

https://9now.nine.com.au/a-current-affair/electric-vehicle-demand-in-australia-skyrockets-amid-fuel-price-increase/d88610c4-acd3-47da-8429-becdad468874

COMMENTS