ඔස්ටේ්‍රලියානුවන්ට ගුවන් ගමන්වලදී සුරතල් සතුන්ද Cabin එක තුළ රැගෙනයාමට අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානුවන්ට ගුවන් ගමන්වලදී සුරතල් සතුන්ද Cabin එක තුළ රැගෙනයාමට අවසර

ඔස්ටේ්‍රලියානුවන්ට ගුවන් ගමන්වලදී සුරතල් සතුන්ද Cabin එක තුළ රැගෙනයාමට අවසර

ඔස්ටේ්‍රලියානුවන්ට ගුවන් ගමන්වල නිරතවීමේදී සුරතල් සතුන්ද Cabin එක තුළ රැගෙනයාමට අවසර හිමිවී තිබෙනවා.

ඒ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංශෝධනය කරන ලද නව නීති රෙගුලාසි යටතේයි.

කෙසේවෙතත් එක් එක් ගුවන් සේවා විසින් ක්‍රියාත්මක කරන නීති අනුව මෙම අවසරය වෙනස්විය හැකියි.

මේ දක්වා අවසර දී තිබුණේ Cargo කොටස තුළ සතුන් කූඩුවක දමා රැගෙන යාමයි.

නව අවසරය සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළවී ඇති අතර ඇතැමුන් විමසා තිබුණේ නොසන්සුන්ව හැසිරෙන සත්වයන් Cabin එක තුළදී පාලනය කරගනුයේ කෙසේද යන්නයි.

ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් යන ගුවන් සමාගම් 02 ම පවසන්නේ සුරතල් සතුන්ට මගීන් සමග එකට ගමන් කිරීමට අවසර නොදීමේ සිය පිළිවෙතෙහි කිසිදු වෙනසක් නොමැති බවයි.

https://www.9news.com.au/national/dogs-now-allowed-on-queensland-planes/3362d494-82c2-42b8-8c3d-5500a2c7124f

 

COMMENTS