ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට බදු වැඩි කිරීම හැර වෙන විකල්පයක් නෑ

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා බදු වැඩි කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බී. බී. සී. ලෝක සේවය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ 2019 වසරේදී වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට ගත් තීරණය රජය විසින් සිදු කළ අත්වැරැද්දක් බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉදිරි මාස 8ක කාලයකට අවම තරමින් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

බදු මුදල් වැඩි කිරීමට ගනු ලබන තීරණය කිසිසේත් පහසු තීරණයක් නොවුන ද මේවන විට එය හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට ශ්‍රී ලංකා ආර්ථිකය පත්වී ඇතැයි ඔහු කියාසිටියා.

මේවන විට බල පැවැත්වෙන 8%ක් වන වැට් බදු ආදායම කිසිසේත්ම සුබදායී ආදායම් මාර්ගයක් නොවන බවයි ඔහුගේ අදහස වන්නේ.

එය අවම තරමින් 13%ක හෝ 14%ක සීමාවක් දක්වා ඉහළ දැමිය යුතු බවට ඔහු අවධාරණය කරනවා.

2019 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව සිදුකරන ලද බදු අඩු කිරීමේ තීරණය දේශපාලනමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ගන්නා ලද වැරදි තීරණයක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම පවතින ආර්ථික ක්‍රියාදාමය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ලබන වසරේ නැවතත් ජාත්‍යන්තර ණය වාරික ගෙවීමේ තත්ත්වයට මෙරට ආර්ථිකය ගෙන ආ හැකි බවටත් ඔහු විශ්වාසය පළකරනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »