ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම උද්ධමනය අප්‍රේල් මාසයේදී

CBSL

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම උද්ධමනය අගය අප්‍රේල් මාසයේදී සටහන් වී තිබෙනවා.

ඒ සියයට 29.8 ක් ලෙසයි.

මාර්තු මාසයේ එය පැවතියේ සියයට 18.7 ක අගයකයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මීට හේතුවී තිබෙනවා.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 30.2 හි සිට අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 13.4 හි සිට අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලා.

ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් පෙට්‍රල් සහ ඩීසල්, උපකාරක පන්ති ගාස්තු, නිවාස, ජලය, විදුලිය , ගෑස් – නිවාස කුලී – ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩය තුළ අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළයාමක් දක්නට ලැබෙන බවයි මහ බැංකුව කියාසිටියේ.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »