Search

ලේබර් රජයක් යටතේ තාවකාලික ආරක්ෂණ වීසා අහෝසි කරන බවට ප්‍රකාශයක්

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් බෝට්ටු මගින් එන අනවසර සංක්‍රමණිකයන්ට temporary protection visa දීම අත්හිටුවන බව ලේබර් පක්ෂයේ ඡායා සංක්‍රමණ ඇමතිනී පවසනවා.

ඒ වෙනුවට ඔවුන්ට permanent protection visa ලබාදෙන බවයි ඇය සඳහන් කලේ.

ඡායා ඇමතිනිය පැවසුවේ දැනට temporary protection visa මත සිටින සියල්ලන්ට කම්කරු පක්ෂ රජයක් යටතේ permanent protection visa ලබාදෙන බවයි.

අවධාරණය කරන්නේ ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ ප්‍රතිපත්තියට කම්කරු පක්ෂය උපරිම සහය දෙන බවයි.

ඒ අනුව බෝට්ටු මගින් පුද්ගලයන් පැමිණීමක් සිදුනොවන බැවින් temporary protection visa වල අවශ්‍යතාවයක් පැණ නොනගින බවද ඇය පෙන්වා දෙනවා.

මේ වනවිට ආගමන දෙපාර්තමේන්තුවේ පවතින citizenship අයදුම්පත් 100,000 ක් සහ partner visa අයදුම්පත් 54,000 ක් කඩිනමින් සළකා බලා අවසන් කිරීම කම්කරු පක්ෂ රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.