
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.
දැනට ආණ්ඩුව නියෝජනය කරන සහ පසුගිය මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කර දැනට ස්වාධීනව කටයුතු කරන පාර්ශව එලෙස අද දිනයේදී කැඳවා තිබෙනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමටයි ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත්තේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ ඊයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ යෝජනාවලියක් ද මෙම රැස්වීමට රැගෙන යාමටයි එම පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සිය පක්ෂය ද සහභාගී වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළා.