විපක්ෂ නායක හුදකලා තත්වයෙන් නිදහස් – 02 වන විවාදයටත් සූදානම්

කොවිඩ් වැළඳී හුදකලා කර සිටි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් සාමාන්‍ය ජන ජිවිතය යළිත් ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරුවේ ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද සිදුකර තිබෙනවා.

තමන් ඕනෑම අවස්ථාවක අගමැති මොරිසන් සමග මීලග විවාදයට සූදානම් බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

02 වන විවාදය බොහෝ දුරට ලබන 08 වන ඉරිදා දිනයේදී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දැනට ඉහළ යන උද්ධමනය ඇතුලු සියලු ආර්ථික ගැටලුවලට අගමැති මොරිසන් වගකිව යුතු බවටත් ඇන්තනී ඇල්බනීස් චෝදනා කලා.

එම තත්වයෙන් ගොඩ ඒමට ලිබරල් සන්ධානයට කිසිදු සැළසුමක් නැතැයිද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »