ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ විශාල පිරිසක් මෝටර් රථ තුළ දිවි ගෙවීම අරඹයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ විශාල පිරිසක් මෝටර් රථ තුළ දිවි ගෙවීම අරඹයි

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ විශාල පිරිසක් මෝටර් රථ තුළ දිවි ගෙවීම අරඹයි

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ නිවාස කුළී ගෙවාගත නොහැකිව විශාල පිරිසක් මෝටර් රථ තුළ ජීවත්වීම ආරම්භ කර තිබෙනවා.

වැඩිවන ජීවන වියදම හමුවේ කුලී ගෙවීමට නොහැකිව නිවෙස්වලින් නෙරපා හැරීමට ලක් වන පුද්ගලයින් පිළිබඳව දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි සමාජ සේවා කවුන්සිලය සඳහන් කලේ.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ප්‍රාදේශීය කලාපවල 20% ක් දක්වාත් නාගරික ප්‍රදේශවල 14% ක් දක්වාත් නිවාස කුලිය වැඩිවී ඇතැයි සඳහන්.

දිනකට මිලියනයකට අධික ජනතාවක් food banks හෙවත් ආහාර බැංකු වෙත පැමිණෙන බවත් එය සැබවින්ම ඛේදනීය තත්ත්වයක් බවත් සමාජ සේවා කවුන්සිලය පෙන්වා දෙනවා.

දිනකට ඩොලර් 70 ට වඩා අඩු වියදමකින් ජීවත් වන සංඛ්‍යාව මිලියන 2.4 ක් බවත් මෙහිදී හෙළිවී තිබෙනවා.

SOURCE :

https://www.sbs.com.au/news/article/people-living-in-cars-rising-inflation-is-devastating-for-low-income-earners-community-groups-say/pl352mxv9

COMMENTS