
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින් විවිධ හේතු මත ප්‍රාන්ත රජයට ගෙවීම පැහැර හැර ඇති දඩ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්න බව අනාවරණය වී තිබෙනවා.
එය පුරෝකථනය කර තිබු ප්‍රමාණයට වඩා 10 ගුණයක වැඩිවීමක් බවයි නවතම සංඛ්‍යාලේඛණවල සඳහන් වන්නේ.
පුද්ගලයන් 380,000 ක් පමණ සහ ආයතන 29,000 ක් පමණ මෙලෙස දඩ ගෙවීම සිතා මතා කල් දමා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මින් වැඩිම දඩ ප්‍රමාණයක් අයත් වන්නේ පුද්ගලයන් විසින් මාර්ග නීති කඩ කිරීම්වලට අදාළවයි.
ආර්ථික ගැටලු හමුවේ දඩ ගෙවා ගත නොහැකි පුද්ගලයන්ට ඒ සඳහා සහන කාලසීමාවක් ලබාදීම කෙරෙහිද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

COMMENTS