ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා ඇතත් එම ආධාර කඩිනමින් නොලැබෙන අතර මාස 06 ත් – 12 ත් අතර කාලයක් ඊට ගතවනු ඇති බව සදහන්.
ඒ හේතුවෙන් රජය මේ වන විට නැවත ඉන්දියාව සහ චීනය දෙසට හැරී සිටින බවයි ඩේලි මිරර් වාර්තාවේ දැක්වෙන්නේ.
නවතම දත්ත අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.72 ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගත හැකි වනුයේ ඩොලර් මිලියන 150ක් පමණයි.
එය ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා ගෙවීමට පමණක් බවද අදාල පුවත්පත් වාර්තාවේ සඳහන්.