වසර 22 කට පසු ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික ප්‍රතිශතය පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 22 කට පසු ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික ප්‍රතිශතය පහළට

වසර 22 කට පසු ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික ප්‍රතිශතය පහළට

වසර 22 කට පසු පළමුවරට ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් විදේශයකදී උපත ලද පිරිසේ ප්‍රතිශතය පහළ ගොස් තිබෙනවා.

2020 වසරේදී මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 29.8 ක් හෙවත් මිලියන 7.7 ක් සංක්‍රමණිකයන් ලෙසයි වාර්තා වන්නේ.

එහෙත් පසුගිය වසරේදී එය සියයට 29.1 ක් හෙවත් මිලියන 7.5 ක් දක්වා පහළගොස් තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව 2000 වසරෙන් පසු මෙරට සංක්‍රමණිකයන්ගේ ප්‍රතිශතය පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

කොවිඩ් වසංගතය තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වසර 02 ක් පුරා කැපී පෙනෙන ලෙස පහළගොස් තිබීමයි මීට ප්‍රධාන හේතුව වන්නේ.

එමෙන්ම ඔස්ටේ්‍රලියාවේදී උපත ලද පුද්ගලයන් මෙරට අත්හැර වෙනත් රටවල පදිංචියට යාම අඩුවීමත් මීට බලපා තිබෙනවා.

https://www.sbs.com.au/news/article/australias-overseas-born-population-experiences-a-decline-for-the-first-time-in-more-than-20-years/k1zkrz148

COMMENTS