$ මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසියෙක් – AusLanka TV – Australian News for the Sri Lankan community

$ මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසියෙක්

$ මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසියෙක්

ලොතරැයි දිනුමකින් තමා ඩොලර් මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද දිනා ඇති සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.

Tullamarine හි පදිංචි මෙම තැනැත්තා division 01 දිනුමක් ඊයේ දිනා තිබුනා.

අද දිනයේදී ලොතරැයි බලධාරීන් විසින් ඔහුට අමතා ඇති අවස්ථාවේ මොහු පවසා ඇත්තේ තමාට ඩොලර් මිලියන 01 ක පමණ දිනුමක් හිමිව ඇතැයි විශ්වාස කරන බවයි.

එහෙත් සැබෑ ජයග්‍රාහී මුදල ඩොලර් මිලියන 20 ක් බව දැනගැනීමත් සමග මොහු විශ්මයට පත්ව තිබෙනවා.

මෙය සිහිනයක් සැබෑ වීමක් බවයි මෙල්බන්වාසී මෙම පුද්ගලයා පවසා ඇත්තේ.

COMMENTS