
ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ රුපියල් 350 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල දෛනික විනිමය අනුපාතික අගයන් අනුව අද අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ රුපියල් 350 යි සත 49 ක්.
එහි ගැණුම් මිළ සටහන් වන්නේ රුපියල් 337 යි සත 82 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය මෙම වසරේදී තවත් ඉහළ යනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළකරනවා.
එබැවින් ඉහළ යන ණය – මූල්‍ය හිගය ඇතුලු කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙසයි ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ.

වර්තමානයේ ශ්‍රී ලංකා ජනතාවගෙන් සියයට 11.7 ක් පමණ දිනකට උපයන වැටුප ඩොලර් 3.2 ක් බවත් ලෝක බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන්.
කෙසේවෙතත් ජාත්‍යන්තර දිළිඳු රේඛාව අනුව අඩු මැදි ආදායම් ලබන රටවල දෛනික අවම වැටුප ඩොලර් 9.2 ක් විය යුතුයි.
දිළිඳු පවුල් ලක්ෂ 12 කට ප්‍රතිලාභ හිමිවන රජයේ සමෘද්ධි වැඩපිළිවෙල ප්‍රමාණවත් නොවන බවයි ලෝක බැංකුව අවධාරණය කරන්නේ.
COMMENTS