Short-term Skilled වීසා රැකියා ලැයිස්තුව යටතේ 457 වීසා බලපත්‍රයක් හිමි පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාදීමේ ක්‍රමවේදයට සිදුකල සංශෝධන කිහිපයක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට TSS වීසා එකක් සඳහා අයදුම් කිරීමකින් තොරව Employer Nomination Scheme (ENS) යටතේ TRT මාර්ගයෙන් ස්ථිර පදිංචිය සඳහා අයදුම්කල හැකියි.
පසුගිය මාර්තු 18 වනදායින් මෙම සංශෝධන අවසන් වීමට නියමිත වුවද තවත් වසර 02 ක් සඳහා දීර්ඝ කිරීමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
මීට අමතරව සිදුකර ඇති සුවිශේෂී සංශෝධනයක් වන්නේ TRT ක්‍රමය යටතේ ස්ථිර පදිංචිය සඳහා 186 වීසා කාණ්ඩය වෙනුවෙන් වීසා බලපත්‍රයක් අයදුම් කිරීමේදී පැවති උපරිම වයස් සීමා බාධකය වසර 02 කට අහෝසි කිරීමයි.
ඒ සඳහා 2017 වසරේ අප්‍රේල් 18 වනදා හෝ ඉන් පසු 457 වීසා බලපත්‍රයක් දරා සිටීමත් – 2020 පෙබරවාරි 01 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දක්වා ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීමත් අනිවාර්ය කොන්දේසි වනවා.