
වීසා උප කාණ්ඩ 482 යටතේ short-term skilled visa ලාභීන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචි වීසා ලබාගැනීමට ඇති පහසුකම් ලබන ජූලි පළමුවනදා සිට තවත් ඉහළ දමා තිබෙනවා.
මේ අනුව කොවිඩ් වසංගතය පුරාවට ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටි short-term skilled visa ලාභීන්ට Employer Nomination Scheme යටතේ 186 වීසා කාණ්ඩය සඳහා Temporary Residence Transition ක්‍රමය යටතේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කල හැකි වනවා.
ඒ සඳහා short-term skilled visa වීසා ලාභියෙකු විසින් සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක්ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2020 වසරේ පෙබරවාරි 01 වනදා සිට 2021 දෙසැම්බර් 14 වනදා දක්වා කාලය තුළ මෙරට රැඳී සිට තිබීම සහ Temporary Residence Transition ක්‍රමය යටතේ අයදුම් කිරීමට අදාළවන අනෙකුත් කොන්දේසි සපුරාලීම ඊට අයත්.
මෙම සංශෝධන ලබන ජූලි 01 වනදා සිට වසර 02 ක කාලයක් සඳහා බලාත්මක බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
