
සිඩ්නි මහා මාර්ගවල ගාස්තු (toll) අය කෙරෙන ක්‍රමවේදය සංකීර්ණ සහ වියදම් අධික බවට පළව ඇති මතවාද සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් සිදු කිරිමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මෙම ගාස්තු ක්‍රමය අසාධාරණ බවට රියදුරන් දක්වා ඇති අදහස්ද සළකා බැලීමට නියමිතයි.
සිඩ්නි නගරයේ මහාමාර්ගවලදී අය කෙරෙන ගාස්තු අවසන් වරට ඉහළ දැමුණේ පසුගිය 01 වනදා සිටයි.

කෙසේවෙතත් දැනට ආරම්භ කර ඇති සළකා බැලීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දක්වා වුවද ගෙන යා හැක බවටයි මත පළවී ඇත්තේ.
එහිදී අවසන් නිර්දේශයක් ලදහොත් සිඩ්නි මහාමාර්ග ගාස්තු අඩු කෙරෙනු ඇති.

COMMENTS