Uber සමාගමෙන් $ මිලියන 26 ක දඩ ඉල්ලා නඩුවක්

Uber සමාගමෙන් ඩොලර් මිලියන 26 ක දඩ මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු පවරා තිබෙනවා.

කුලී ගමනක් යාම සඳහා වෙන් කරවා ගැනීමක් සිදුකල මගීන් විසින් නියමිත විනාඩි 05 ක කාලය ඉකුත්වීමට පෙර අවලංගු කිරීමcසිදුකලද ඔවුන්ගෙන් ගාස්තුවක් අය කරන බවට දැනුම්දීම් සිදුකිරිමයි චෝදනාව වී ඇත්තේ.

මෙය ඔස්ටේ්‍රලියානු පාරිභෝගික නීතියට පටහැණි බව දක්වමිනුයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් නඩු පවරා ඇත්තේ.

2017 වසරේ දෙසැම්බර් සිට පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියානු මගීන් ලක්ෂ 02 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වංචාවට ගොදුරු වී ඇති බවද සඳහන්.

මෙම දෝෂය හඳුනාගත් බවද මින් ඉදිරියට එවැන්නක් සිදු නොවීම පිණිස වග බලා ගන්නා බවද Uber ආයතනය අධිකරණයේදී පවසා තිබුණා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »