
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම සී සී මට්ටමේ සිට බංකොළොත් තත්වය දක්වා පහත හෙළා තිබෙනවා.
ඒ ඩොලර් බිලියන 1.25 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ශ්‍රී ලංකාව විසින් පියවීම පැහැර හැරීම හේතුවෙනුයි.
පසුගිය අප්‍රේල් 18 වනදා කල් ඉකුත්වන ලද මෙම බැඳුම්කරයට අදාළ ගෙවීම් කිරීම සඳහා ලබන මැයි 18 වන දින දක්වා කල් පවතිනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව විසින් එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන්ව නිශ්චිත වැඩපිළිවෙලකට යන තුරු විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා තීරණය කරනු ලැබුවේ.

S&P cuts Sri Lanka sovereign rating to selective default (SD)
COMMENTS