ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 76 ක් විනෝදාස්වාද වියදම් අඩු කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 76 ක් විනෝදාස්වාද වියදම් අඩු කරයි

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 76 ක් විනෝදාස්වාද වියදම් අඩු කරයි

සෑම ඔස්ටේ්‍රලියානුවන් 04 දෙනෙකුගෙන් අයෙකු ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඉන්ධන සහ ආහාර මිළ ගණන් සීඝ්‍රයෙන් වැඩිවීම හමුවේ තමන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මීට මාස කිහිපයකට පෙර සතියක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඩොලර් 150 ත් 200 ත් අතර වියදමක් දැරීමට සිදුවුවද මේ වනවිට එය ඩොලර් 300 ත් 400 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් සඳහන් කර තිබෙනවා.

ඉදිරියේදී බැංකු පොළී අනුපාත ඉහළ දැමුවහොත් මෙම තත්වය තවත් දරුණු තත්වයකට පත්විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පාරිභෝගිකයන් අතුරින් සියයට 76 ක් පවසා ඇත්තේ විනෝදාස්වාදය සහ පිටතින් ආහාර ගැනීම වැනි දෑ සඳහා මුදල් වියදම් කිරීම අඩු කර ඇති බවයි.

එමෙන්ම සියයට 23 ක් පමණ දෙනා පුද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහනයට පෙළඹී ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

https://www.9news.com.au/national/one-in-four-aussies-struggling-due-to-rising-cost-of-living/72629c56-7394-4554-b9fe-024261914226

COMMENTS