උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලොව 03 වන ස්ථානය දක්වා ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලොව 03 වන ස්ථානය දක්වා ඉහළට

උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලොව 03 වන ස්ථානය දක්වා ඉහළට

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලොව 03 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

අවසන්වරට ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ සිටි අතර මේ වනවිට ස්ථාන 03 ක් ඉහළට පැමිණ ඇති බවයි ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කලේ.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්ටීව් හැන්කි පවසන පරිදි 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් ශ්‍රී ලංකාව තුළ යළි ස්ථාපිත කල යුතු වනවා.

එසේ නොකළහොත් 17 වෙනි වරටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

COMMENTS