කබ්රාල් ට එරෙහි නඩු විභාගය අවසන් වන තුරු විදේශ ගමන් තහණමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

කබ්රාල් ට එරෙහි නඩු විභාගය අවසන් වන තුරු විදේශ ගමන් තහණමක්

කබ්රාල් ට එරෙහි නඩු විභාගය අවසන් වන තුරු විදේශ ගමන් තහණමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහි නඩු විභාගයක් අවසන් වන තුරු විදේශ ගමන් තහණමක් පණවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසිනුයි එම නියමය පණවා ඇත්තේ.

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාම

විහාරස්ථානාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසිනුයි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.

ලබන ජූනි 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කබ්රාල් ට නොතීසි සහ සිතාසි නිකුත් කරන ලෙසටත් මෙහිදී නියම කෙරුණා.

COMMENTS