සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දීමට විමල් වීරවංශ – උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර මහත්වරුන්ද ඇතුළත් පක්ෂ 11 කණ්ඩායමද තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මේ වනවිට අදාළ විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ඉදිරිපත්වී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන් කලේ.
අගමැතිවරයාට සහය පළකරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගෙන තිබුණද එහිදී ලබා ගැනීමට හැකිවී ඇත්තේ අත්සන් 46 ක් පමණක් බවයි අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිළ අනාවරණය කළේ.
අගමැතිවරයාට සිය ධූරයෙන් ඉවත්වීමට ඉඩනොදී තනතුරු රැක ගැනීම උදෙසා කටයුතු කරන පිරිසක් සම්බන්ධයෙන්ද උදය ගම්මන්පිළ මෙහිදී අනාවරණය කළා.