ANZAC දින සැමරුම් සඳහා අති විශාල ජනකායක්

ANZAC දින සැමරුම් සඳහා ඔස්ටේ්‍රලියාව පුරා පැවැත්වෙන උත්සව සඳහා අති විශාල ජනකායක් සහභාගී වී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල පැවති ධාරාණිපාත වැසි තත්වය පවා නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.

යුධමය වාතාවරණ ඇතුලු සටන් තත්වයන්හිදී මියගිය ඔස්ටේ්‍රලියානු සහ නවසීලන්ත රණවිරුවන් සැමරීම සඳහායි ANZAC දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

අද පෙරවරුවේ මෙල්බන් නුවර පැවති සැමරුම් උත්සවය සඳහා 50,000 කට අධික පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක්.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු පූර්ණ වශයෙන් ANZAC දින සැමරුම් පැවැත්වෙන්නේ මෙම වසරේදීයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »