Search

ශ්‍රී ලංකා ධාවන ශූරියට අත් වූ නොසිතූ ඉරණමේ සම්පූර්ණ කතාව

මීටර් 400 කාන්තා කඩුළු මතින් දිවීමේ වත්මන් ජාතික ශූරිය වන කෞශල්‍යා මදුෂානි සිය දිවි නසාගෙන තිබෙනවා.

මළල ක්‍රීඩාවට උපන් හපන්කම් දැක් වූ ඇය මෙලෙස ජීවිතයෙන් පලි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැතත් මිය යාමට පෙර ලියා තැබූ ලිපියක දක්වා ඇත්තේ මෙම මරණයට වගකිවයුත්තා තමන් ම බවයි.

කෞශල්‍යා මදුෂානිගේ වයස අවුරුදු 25ක්.

කුඩා කල සිට ම මළල ක්‍රීඩාවට උපන් හපන්කම් දැක් වූ කෞශල්‍යා අත්කර ගත් ජාතික මට්ටමේ ජයග්‍රහණයන් ද සුළුපටු නැහැ.

මීටර් 400 කාන්තා කඩුළුමතින් දිවීමේ වත්මන් ජාතික වාර්තාවට ද හිමිකම් කියූ ඇය සේවය කළේ යුද හමුදාවේයි.

පසුගියදා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රිඩාංගනයේ පැවති 100 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා කඩුළු පැනීමේ ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා.

කෙසේ වෙතත් මව්බිම වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකරගත් මේ දක්‍ෂ ක්‍රීඩිකාව සිය දිවි නසාගෙන ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

දුම්මලසූරිය පඩිවෙල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස තුළ ගෙල වැළලා සියදිවි නසාගත් කෞශල්‍යා ඊට ප්‍රථම ලිපියක් ද ලියා තබා ඇති බවයි පැවසෙන්නේ.

මෙම මරණයට වගකිවයුත්තේ තමන්ම බවයි ඇය ලියා තැබූ ලිපියේ දක්වා ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »