මැතිවරණ ප්‍රචාරණ 02 වන සතියේ වැඩි වාසි ඇල්බනීස්ට – AusLanka TV – Australian News for the Sri Lankan community

මැතිවරණ ප්‍රචාරණ 02 වන සතියේ වැඩි වාසි ඇල්බනීස්ට

මැතිවරණ ප්‍රචාරණ 02 වන සතියේ වැඩි වාසි ඇල්බනීස්ට

ඔස්ටේ්‍රලියනු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සිදුකල 02 වන දිනයේ වැඩි වාසි අත්කර ගැනීමට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් සමත්වී තිබෙනවා.

පසුගියදා පැවති පළමු රූපවාහිනී විවාදයේදී අගමැති ස්කොට් මොරිසන්ට වඩා ඔහු ඉදිරියෙන් සිටීමයි ඊට ප්‍රධාන හේතුව වන්නේ.

මැතිවරණ ප්‍රචාරණය ආරම්භ වූ පළමු දිනයේදීම පොළී අනුපාත නිවැරදිව ප්‍රකාශ කිරීමට නොහැකිවීම හමුවේ පළමු සතියේදී විපක්ෂ නායකවරයා කිසියම් පසුබෑමකට ලක්ව සිටියා.

දෙවන සතියේ අවසාන දින කිහිපයේදී ඇන්තනී ඇල්බනීස්ගේ මැතිවරණ ප්‍රචාරණය තරමක් අඩාල වූයේ ඔහුට කොවිඩ් වැළඳීම හේතුවෙනුයි.

මේ අතර මෙවර මැතිවරණයේදී තීරණාත්මකම ප්‍රාන්තය බවට බටහිර ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.

COMMENTS